පූජිතවේ  හද රංජිතවේ
අකලංක දයාබර කුළුණු ගුණේ
ප්‍රේමෙන් සුරකින දරු කැළ වැලිමඩ
මැදි මහ විදුහල් මව්නි ඔබේ...................

හැරදා කුල මළ නෙක උස  මිටි කම්
අප තර සමගිය ලමින සදා
එක කුස වන් දරු කැළ ලෙස සලසා
සම ලෙස අම සිප් සතර බෙදා..........

ඥාණා ලෝකය දී අප අණුවන
අඳුර නසා යහ මග පෙන්වා
දියුණු සදා සලසා සෙත සලසා
දෙන අප පාසල් මෑණි දිනේ.........

ගයමු වයමු තුති ගී රස දී
වඳිමු  පුදමු හද මල් පුද දී
සමරමු කළ ගුණ නිති පැහැදී
රකිනු මැනප දරු පෙමින බැඳි............

දස දෙස බස සුවයට සොඳ සේ
යොදමින ඔබ සිසු කැල නිසි සේ
කිතු ගොස ජය හඬ  දෙමිනෙක සේ
ලෙලවා ලොව ජය කෙහෙළි දිණේ.........///