Home Science Unit

ගෘහ විද්‍යා අංශය


වර්තමානයේ ක්‍රියාත්මක වන නිපුණතා පාදක අධ්‍යාපන ක්‍රමය යටතේ අපේක්ෂා කරනුයේ සිසුන් තුළ දැනුම, ආකල්ප , කුසලතා වර්ධනය කරමින් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ හැකියාවන් වර්ධනය කිරීමයි.
පාසල් විෂය මාලාව තුළ අන්තර්ගත තාක්ෂණ විෂයන් අතුරින් ගෘහ ආර්ථීක විද්‍යාව විෂයට හිමි වන්නේ සුවිශේෂ ස්ථානයකි. හුදෙක් පොත පතට සීමා නොවී ප්‍රායෝගික පරීක්ෂණ වලින්ද සමන්විත මෙය තුළින් අනාගත වැඩ ලෝකයට සාර්ථකව මුහුණ දිය හැකි දරු පිරිසක් බිහි කරයි. දැනුම , ආකල්ප , කුසලතා මෙමගින් සංර්ධනය කෙරේ.
වර්තමාන පාරිභෝගික වාදී සමාජ වාතාවරණයට මුහුණ දීමට දරුවන් හුරු කිරීම අපේ අරමුණයි. ඒ අනුව අත්කම්, සාරිවැඩ , විවිධ ආහාර සකස් කිරීම, මල් සැරසිලි , කේක් නිර්මාණ ආදී ක්ෂේත්‍ර වලට දරුවන් යොමු කරමින් වැඩ ලෝකය ජය ගැනීමට අත්වැලක් සැපයීම ගෘහ ආර්ථීක විද්‍යාව විෂය යටතේ අපගේ කර්තව්‍ය විය.
ඒ අනුව වැලිමඩ මධ්‍ය මහා විද්‍යාලය තුළ ගෘහ ආර්ථීක විද්‍යාව තුළ විෂය හදාරණ විවිධ සුවිශේෂී කුසලතා දක්වන දරු පිරිසක් අකුරු කරතිි. මෙම විෂය හදාරා ලද පන්නරයෙන් ලොව ජය ගැනීමට සූදානමින් සිටී. එසේ ලද පන්නරයෙන් ලොව ජය ගෙන සිටින ආදි ශිෂ්‍යාවන් ද සමාජය තුළ සිටී. මෙම දරුවන්ගේ මෙම හැකියා අප පාසලට මහත් අභිමානයක් එක් කරයි.
විෂය හදාරණ දරු පිරිසෙන් විවිධ දස්කම් පාන දරුවෝ මෙසේය.

මොවුන් යම් දිනක ස්වයං රැකියා , හෝටල් කර්මාන්ත , විවිධ අත්කම් නිර්මාණ ආදිය ඔස්සේ අප පාසල් මෑණියන්ටද ගෞරවයක් ලබා දෙතැයි අප අපේක්ෂා කරමු.