අ.පො.ස(උසස්පෙළ) තාක්ෂණ විෂය ධාරාව ආරම්භ කිරීම

Posted by Unknown on 8:30 PM with 2 comments

අ.පො.ස.(උසස්පෙළ )නව තාක්ෂණ විෂය ධාරාව ආරම්භකිරීමට අප පාසැල තෝරාගෙන ඇති බැව් සතුටින් දන්වමි.නිදහසින් පසු ඇති කල අධ්‍යපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ වැදගත්කම නිවැරදි සංදිස්ථානය මෙය යැයි නිබවම කිව හැකිය.විශේෂයෙන් මේ රටේ සුභවාදී අනාගතයේ හැරවුම් ලක්ෂය ද මෙය යැයි කිව හැකිය.අප රටේ ආරම්භකළ  ආචාර්ය C.W.W.කන්නංගර අධ්‍යාපන ක්‍රියාවලියත් “හන්දෙස”අධ්‍යාපන ක්‍රමයත් අකර්මන්‍ය වුයේ මේ රටේ කුමන්ත්‍රනකාරී අධිරාජ්‍ය  ගැතිධනපති පන්තියේ ඕනෑ එපාකම් අනුවය .එයින් පහර පිට පහර වැදුනේ අප ඔබ වැනි ගම්බද දූ පුතුන් ඇති දෙමාපියන්ටය.

                                                අද අප රටේ ව්භාග අපේක්ෂක ළමුන් ගෙන් 52%ක් අධ්‍යාපනය කරනුයේ කලා විෂය ධරවයි.එයින් සිමිත පිරිසක් විශ්ව විද්‍යාලවලට බදවාගනු ලැබුවත් ඉන් උපාධි සම්පුර්ණ කල පිටවයන කාලා උපාධි ධාරීන්ට රැකියා පෝලිමේ සිටීමට හෝ පෙළපාලිවල යාමට හෝ සිදුව ඇත. අද වත්මන් තත්වය නම් ඔවුන් ඉතා සොච්චම් වැටුපකට කාර්යාල කම්කරුවන්ගේ තනතුරට වැටි සිටිමයි.මෙය රටක අතිශයින්ම ශෝචනීය තත්වයකි .
                        අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හැදුන්වාදුන් මහින්ද චින්තන වැඩසටහන මත අධ්‍යාපන ක්‍රමයේ මෙම ප්‍රගතිශීලි සමාරම්භය හැම අතින්ම තීරණාත්මකය.
                                    ඒ සදහා සියලු විශ්ව විද්‍යාල වලට ළමුන්1200 ක් ප්‍රථම වතාවට (ළමුන් 60 බැගින්) බදවා ගැනීමට එකග වී ඇත.
තවදුරටත් 7500ක් අනුබද්ද විශ්ව විද්‍යාල වලට බදවා ගැනීමට එකග වී ඇත. විශ්ව විද්‍යාල කොමිෂම මේ පිලිබදව එකගතාව පල කොට ඇති අතර ඉන් අසමත් වන දරුවන්ටද NVQ-3 සහතිකය මත බාහු තාක්ෂණික ආයතන වලට බැදී NVQ-7 දක්වා ඉගෙනුම ලබා උපාධියක් දක්වා ඉගෙනුමට අවස්ථාවක් සලසාදි ඇත.
            විශ්ෂයෙන් ශ්‍රීලංකාව මෙන්ම විදේශ වල ඇති රැකියා වලට සුදුසුකම් ඇති දරුවන් විශ්ව විද්‍යාල වලින් පිට නොවෙති. පිටවන දරුවන්ට අදාල රැකියා නොමැත.මේ නිසා මේ තාක්ෂණික විෂය ධාරාව මිට බොහෝ කලකට පෙර මෙරටේ ආරම්භ කළයුතුව තිබුණු එකකි.

            කෙසේ නමුත් මෙය අරම්භ වීමත්, අප පාසල ඒ සදහා 1 ABS නමින් super පාසලක් ලෙස උසස් කර තිබීමත් ඔබට සතුටින් දැන්වාසිටිමි.